අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක 48’ සාර්ථකව අවසන්

1st April 2023

අම්පාර සටන් පුහුණු පාසලේදී 2023 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 21 දින දක්වා කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක 48’ හි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය එම පුහුණු පාසල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 102 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එච්.ඩී. රශ්මි සම්මාන දිනාගත්තාය.