පුහුණු

Clear

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේදී ඒකක සම්මන්ත්‍රණයක් පැවැත්වේ

2023-08-31

ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී ‘Modern Trends in Armour Technology and Tactics’ තේමාව ඔස්සේ පසුගිය සෙනසුරාදා (අගොස්තු මස 26) දින ඒකක සම්මන්ත්‍රණයක් පැවැත්විණි.


‘විගණන දෝෂ අවම කිරීම’ පිළිබඳ යුද්ධ හමුදා මූලස්ථානයේ නිලධාරින් දැනුවත් කෙරේ

2023-06-22

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජුනි මස 14) දින ‘විගණන දෝෂ අවම කිරීම’ මැයෙන් නිලධාරින් වෙනුවෙන් හරවත් දේශනයන් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී විසින් මෙම අධ්‍යාපනික සැසිය සංවිධානය කරනු ලැබීය.


යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ‘Diners’ Club’ වැඩසටහනේදී ‘හමුදා වෘත්තීයභාවය’ පිළිබඳව සාකච්ඡාවක්

2023-06-06

2023 දෙවන කාර්තුවේ ‘Diners’ Club’ වැඩසටහනක් බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (02) දින පැවැත්විණි.


ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්

2023-06-03

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සතියක පුහුණු වැඩමුළුවක් පසුගිය මැයි මස 18 දින සිට 25 දින දක්වා අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.


‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් දැනුවත් කෙරේ

2023-04-28

යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අප්‍රේල් මස 26 දින ‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීය.


ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහයෝගය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී අභ්‍යන්තර ආරක්‍ෂක විධිවිධාන සබැඳිව වැඩමුළුවක්

2023-04-26

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහයෝගය මත අභ්‍යන්තර ආරක්‍ෂක විධිවිධාන සබැඳිව යුද්ධ හමුදා නිලධාරින්ගේ දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් සඳහා හමුදා දායකත්වය’ මැයෙන් අප්‍රේල් මස 24 සහ 25 දෙදින තුළ යුද්ධ හමුදා නිලධාරින් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දෙදින වැඩමුළුවක් පැවැත්වීය.


මින්නේරිය පාබල පුහුණු පාසලේ පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක -96’ සාර්ථකව අවසන්

2023-04-20

මින්නේරිය පාබල පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක -96’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (අප්‍රේල් මස 19) දින පැවැත්විණි.


ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සඳහා ‘පුද්ගල ධාරිතා වර්ධනය, නායකත්වය හා කළමණාරන කුසලතා වැඩි දියුණු කිරීමේ වැඩමුළුවක්

2023-04-15

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නියෝජිත කණ්ඩායමක් විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිලධාරීන් 65 දෙනෙකු සඳහා ‘පුද්ගල ධාරිතා වර්ධනය, නායකත්වය හා කළමණාරන කුසලතා වැඩි දියුණු කිරීම’ යන තේමාව යටතේ තෙදින වැඩමුළුවක් අප්‍රේල් මස 05 දින සිට 07 දින දක්වා දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.


ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් සඳහා ‘Artificial Intelligence and Chat GPT’ යන මැයෙන් දේශනයක්

2023-04-12

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුගත් රත්නායකගේ ආරාධනයෙන් සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර විසින් විශේෂ ආරාධිත දේශනයක් පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී පසුගිය අඟහරුවාදා (4) දින පවත්වන ලදී.


ඉන්දියානු කමාන්ඩෝ පාඨමාලා අංක - 334, දක්‍ෂතම විදේශීය ශිෂ්‍යයාට’ හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

2023-04-12

ඉන්දියාවේ බෙල්ගාම් කමාන්ඩෝ පුහුණු පාසලේ පවත්වන ලද කමාන්ඩෝ පාඨමාලා අංක - 334 හි ‘දක්‍ෂතම විදේශීය ශිෂ්‍යයාට’ හිමි සම්මානය 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.කේ.එල් ගුණරත්න හිමිකර ගත්තේය.