ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙත ‘සයිබර් ආරක්‍ෂාව’ පිළිබඳ දේශනයක්

9th April 2023

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් වෙත සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් වෙනුවෙන් ‘සයිබර් ආරක්‍ෂාව, පරිගණක ආරක්‍ෂාව සහ ලේඛන ආරක්‍ෂාව’ යන මාතෘකාවන් යටතේ දේශනයක් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (6) දින පවත්වනු ලැබීය.

මෙම දේශනය සඳහා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය සම්බන්ධව රාජකාරිකරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර, එහිදී ඔවුන් ක්‍ෂේත්‍රය සම්බන්ධව ඇති තම අත්දැකීම්ද හුවමාරු කරගත්හ. දේශනය අවසානයේ දී භටපිරිස් වෙත පැනනැගී ඇති ගැටළු ඉදිරිපත්කර එවාට විසදුම් ලබාගැනීමට ද අවස්ථාවක් හිමිවිය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ මඟපෙන්වීම යටතේ එම මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ උපදෙස් මත ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ගේ අධීක්‍ෂණය යටතේ මෙම දේශනය පවත්වන ලදී.