ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් පැවැත්වූ පරිගණක පාඨමාලාව සාර්ථකව අවසන්

6th April 2023

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක ලබාදුන් මාර්ගෝපදේශ යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස්හි තොරතුරු තාක්‍ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යාපනය 7 වන රණවිරු තොරතුරු තාක්‍ෂණ පුහුණු ආයතනයේදී පවත්වනු ලැබූ ‘පරිගණක නිපුණතා බලපත්‍ර පාඨමාලාව’ පසුගිය අඟහරුවාදා (04) දින සාර්ථකව අවසන් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ උපදෙස් මත සංවිධානය කර මසක කාලයක් පුරා පවත්වන ලද මෙම පාඨමාලාවට සෙසුනිලයින් 17 දෙනෙකු සහභාගී වූ අතර, සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල සහභාගී විය.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 10 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබල ජේ.එල්.එස්.එස් සෙනෙවිරත්න හිමිකර ගත් අතර දෙවන සහ තෙවන ස්ථානයන් 2 වන සන්නද්ධ බුද්ධි බලකායේ ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.එල්.පී ඒකනායක සහ 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඊ.ඒ.බී.එස් විජේතුංග හිමිකර ගන්නා ලදී.

මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.