සෙසුනිලයින් වෙනුවෙන් පැවැත්වූ ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ පුහුණු සටන් පාඨමාලා අංක - 33 සාර්ථකව අවසන්

9th April 2023

ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ පුහුණු සටන් පාඨමාලා අංක - 33 හදාරනු ලැබූ ශිෂ්‍යයින් සඳහා සහතිකපත් සහ නිල ලාංඡන පැළදවීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (08) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විය.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයන් 79 දෙනෙකු සහභාගී වූ මෙම පාඨමාලාව මාස 2 ක කාලසීමාවක් පැවැත්වීය.

පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි කුසලානය 2 වන විශේෂ බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එස්. කුමාර විසින් හිමිකර ගන්නා ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සහභාගි විය.