පුහුණු

Clear

‘ඛණ්ඩ අවි පාඨමාලා අංක - 20’ සාර්ථකව අවසන්

2023-03-22

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ජනවාරි මස 21 දින යුද්ධ හමුදා සාමාජිකයන් 36 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබූ ‘ඛණ්ඩ අවි පාඨමාලා අංක - 20’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය මාර්තු මස 21 දින එම පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


බලඇණි පුහුණු උපදේශක සංස්කරණ පාඨමාලා අංක 01 – 2023 සාර්ථකව අවසන්

2023-03-06

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ බලඇණි පුහුණු උපදේශක සංස්කරණ පාඨමාලා අංක 01 – 2023 සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (01) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ කාර්යයේ නියුතු සේනාවිධායක කර්නල් කුමාර රණතුංගමගේ සහභාගී විය.


ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා බෝට්ටු එන්ජින් පිළිබඳ පුහුණු පාඨමාවක්

2023-03-03

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ තාක්‍ෂණික අංශයේ භටපිරිස් 20 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජනවාරි මස 09 දින සිට පෙබරවාරි මස 08 දක්වා ත්‍රිකුණාමලය නාවික ජැටියේදී ‘Outboard Motor’ (OBM) පාඨමාලාවක් පවත්වනු ලැබීය.


‘සේනාවිධායකවරුන් සඳහා වූ දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්වෙයි

2023-02-17

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ වෘත්තීය හමුදා අධ්‍යනයේ වත්මන් සන්දර්භයන් සහ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ සුවිශේෂී දර්ශනයන්ගෙන් සමන්විත ‘සේනාවිධායකවරුන් සඳහා වූ දෙවන දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ පෙබරවාරි මස 14 දින සිට 15 දින දක්වා සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.


විශේෂ බලකා නිලධාරීන් සඳහා භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රය පිළිබඳ සම්මන්ත්‍රණයක්

2023-02-16

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේඅරමුණින් තෙදින සම්මන්ත්‍රණයක් නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම මස 8 වන දින සිට 10 වන දින දක්වා පවත්වනු ලැබීය.


ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත රථවාහන ඉංජිනේරු ක්‍ෂේත්‍රය පිළිබඳව වැඩමුළුවක්

2023-02-16

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සඳහා වත්තල පිහිටි ‘ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම’ (Toyota Lanka (Private) Limited) විසින් එම ආයතයේ පුහුණු පරිශ්‍රයේදී රථවාහන ඉංජිනේරු ක්‍ෂේත්‍රය පිළිබඳව පුහුණු වැඩමුළුවක් පෙබරවාරි 15 සහ 16 යන දෙදින තුල පවත්වන ලදී.


යුද්ධ හමුදාව විසින් නව ශිෂ්‍ය නායක නායිකාවන්ට පුහුණු වැඩමුළුවක්

2023-02-15

ගෝනවල සිරිපැරකුම් ධර්ම විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාවේ පුහුණු උපදේශකයින් විසින් පසුගිය ඉරිදා (2023 පෙබරවාරි 12) දින එම පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත නායකත්ව කුසලතා සහ ශාරීරික යෝග්‍යතාවයන් වර්ධනය කරගැනීම සඳහා පුහුණු සැසියක් පවත්වන ලදී.


55 වන පාබල සේනාංක භටපිරිස් සංවිධානයෙන් ඡායාරූපකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

2023-02-13

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංක භටපිරිස් සංවිධානයෙන් පෙබරවාරි මස 09 සහ 10 යන දෙදින තුල එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51, 52, 55 වන පාබල සේනාංකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 31 දෙනෙකු වෙත ඡායාරූප කරණය පිළිබඳව දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුළුවක් පවත්වනු ලැබීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වෙත නීතිමය ගැටළු සම්බන්ධ වැඩමුළුවක්

2023-02-12

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, නීති නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන කපිතන් නුවන් ගුණසේකර විසින් ‘මූලික පරීක්‍ෂණ උසාවියක් පැවැත්වීම’ යන මාතෘකාව යටතේ නීතිමය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ හරවත් වැඩමුළුවක් පසුගිය බදාදා (08) දින එම මූලස්ථානයේදී පවත්වන ලදී.


භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 9 (LSC) හි ශිෂ්‍ය නිලධාරීන් ක්‍ෂේත්‍ර චාරිකාවක

2023-02-10

යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසල මගින් පවත්වනු ලබන භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 09 (LSC) හි ශිෂ්‍ය නිලධාරීන් විසින් එම පාඨමාලාවේ අන්තර්ගතයක් ලෙස පසුගිය සිකුරාදා (03) ත්‍රිකුණාමලයේ චීන වරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් කර්මාන්ත ශාලා පර්යන්තයන් (IOC PLC) නැරඹීමේ ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ එම කර්මාන්තවල සැලසුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ නවීන න්‍යායන් සහ භාවිතයන් පිළිබඳ දැනුම ලබාගැනීමයි.