පුහුණු

Clear

‘වෘත්තීය චිකිත්සාව පිළිබඳ පුහුණු පාඨමාලාව’ සාර්ථකව අවසන්

2023-02-06

දිවයින පුරා ස්ථාපිත රණවිරු සුවතා නිකේතනයන්හි සුවය ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන වෘත්තීය චිකිත්සක ක්‍රියාමාර්ග තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වූ ‘වෘත්තීය චිකිත්සාව පිළිබඳ පුහුණු පාඨමාලාවේ’ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (06) දින රාගම රණවිරු සෙවණේදී පැවැත්විණි.


යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ තේමාව ඔස්සේ අධ්‍යාපනික සැසියක්

2023-02-05

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (26) දින 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ තේමාව ඔස්සේ පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසිය වෙනුවෙන් 583 වන බලසේනාව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 165 දෙනෙකු සහභාගී වූහ.


52 වන පාබල සේනාංකයේ භටපිරිස්හි සංවිධානයෙන් ‘මනෝවිද්‍යාව සහ උපදේශනය’ පිළිබඳ දේශනයක්

2023-02-02

52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත එම පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සහභාගීත්වයෙන් ‘මනෝවිද්‍යාව සහ උපදේශනය’ (Psychology and Counselling) යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (01) දින 52 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.


මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බලඇණි ආධාරක අවි උපදේශක පුහුණු සංස්කරණ පාඨමාලාව සාර්ථකව අවසන්

2023-01-31

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි උපදේශක පුහුණු සංස්කරණ පාඨමාලා අංක - 01 (2023/01) අවසන් දින උත්සවය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් පසුගිය...


ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවැති මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 32 සාර්ථකව අවසන්

2023-01-28

මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් කුකුළේගඟ හි පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පවත්වන ලද මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 32...


ඉපලෝගම පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලා අංක-53 සාර්ථකව අවසන්

2023-01-25

ඉපලෝගම ආධුනික පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලා අංක-53, සාර්ථකව නිමකරනු ලැබු ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසිර යන ලද ආධුනික සෙබළුන්ගේ දෙමාපියන්...


විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව - අදියර 03 සාර්ථකව අවසන් වෙයි

2023-01-25

පම්පෙමඩු බලඇණි පුහුණු පාසලේ පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව - අදියර 03 සාර්ථකව නිමකළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාචා (24) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි...


වන්නි ප්‍රදේශයේ කනිෂ්ඨ නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්වේ

2023-01-23

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මගපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු කඳවුරු තුළ සේවයේ නියුතු කනිෂ්ඨ නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය සහ රාජකාරි භූමිකාවන් පිළිබඳ ඔවුන්...


ආධුනික පුහුණු පාඨමාලා අංක 97 සහ 98 සාර්ථකව අවසන්

2023-01-22

ආධුනිකයන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක 97 සහ අංක 98 සාර්ථකව නිමකරනු ලැබු ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (07) දින පුත්තලම පුහුණු පාසලේදී පැවැති අතර, එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා අධුනික සෙබළුන්ගේ ඥාතීන් 3000කට අධික පිරිසක්...


යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් භාවනා වැඩසටහනක්

2023-01-21

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දෙල්ගොඩ, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේදී ‘සෙබල සිතට මානසික ජවය’ යන තේමාව ඔස්සේ තෙදින නේවාසික භාවනා වැඩසටහනක් පසුගිය ඉරිදා (15) දින ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් 02 දෙනෙකු සහ සෙසුනිලයින්...