‘Potential Subedar Major පාඨමාලා අංක - 154’ රචනා අංශයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට
1st April 2023
ඉන්දියාවේ පැවති ‘Potential Subedar Major පාඨමාලා අංක - 154’ රචනා අංශය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II එන්.ජී.ඩී.සී. නාගහපිටිය එම තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේය.
දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 156 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති ‘Potential Subedar Major පාඨමාලා අංක - 154’ පෙබරවාරි මස 10 දින සිට මාර්තු මස 16 දින දක්වා ඉන්දියාවේ බැරේලි ප්‍රදේශයේ පිහිටි ‘ජූනියර් ලීඩර්ස්’ (Junior Leader’s) හිදී පැවැත්විණි.
මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 10 දෙනෙකු සහභාගී වූහ.