ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මැතිවරණ නිතිය පිළිබඳ දේශනයක් පවත්වයි
25th August 2024
මැතිවරණ සම්බන්ධ කරුණු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී 2024 අගෝස්තු මස 23 දින පවත්වන ලදී.
මෙම දේශනය නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, නීතිඥ කේ.එස්. හර්ෂාන් පෙරේරා මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී. දේශනයේදී කාලීනය මතුවන අභියෝගයන්,උපාය මාර්ගිකව අභියෝග ජයගැනීම, මැතිවරණ කාලසීමාව තුළදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වගකීම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ඒ සම්බන්ධ ගැටළු ඇතුළු විවිධ මාතෘකාවන් ඔස්සේ සාකච්ඡා කරන ලදී.මෙම දේශනය සඳහා නිලධාරීන් 37 දෙනෙකු සහ සෙසු නිලයන් 226 දෙනෙකු සහභාගී වූහ.