‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ සාර්ථකව අවසන්
17th September 2024
12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සඳහා පවත්වනු ලැබූ ‘උසස් ගුවන් සංග්‍රාමික බලඇණි පුහුණු පාඨමාලා අංක - 02’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 15 දින නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
2024 ජූලි මස 22 දින සිට සැප්තැම්බර් මස 15 දින දක්වා පැවති මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසුනිලයන් 233 දෙනෙකු සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ඩී. රොද්‍රිගෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහභාගී විය.
උත්සව අවස්ථාව අතරතුර ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් පාඨමාලාවේ විශේෂ දක්‍ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන ලදී
පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ සිසුන් පහතින් දැක්වේ:
දක්‍ෂතම වෙඩික්කරු- - සෙ/380114 ලාන්ස් කෝප්‍රල් ඒ. ප්‍රියන්ත කුමාර
දක්‍ෂතම වෙඩික්කරු- - සෙ/380114 ලාන්ස් කෝප්‍රල් ඒ. ප්‍රියන්ත කුමාරක්‍ෂතම ශිෂ්‍යයා- - සෙ/384564 රයිෆල් සෙබළ එන්.එන්.ඒ.එස් බණ්ඩාර
හොඳම කණ්ඩායම- - ඩී කණ්ඩායම