17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරයි
18th September 2024
17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 සැප්තැම්බර් මස 04 දින ආලංකුලම පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබූ අතර, අවසන් දින පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
උත්සව අවස්ථාවේදී විශිෂ්ට දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී. එම දක්‍ෂතාවයන් පහත පරිදි වේ.
දක්‍ෂතම වෙඩික්කරු: කපිතන් ඒ.සී.පී කුමාර
සෑම අතින්ම අතිශූර සිසුවා: පාබල සෙබල එච්.එම්.එස්.එස් කුමාර
හොඳම කණ්ඩායම: ඒ කණ්ඩායම
දක්‍ෂතම පෙල අණදෙන්නා: කෝප්‍රල් එස්.ආර්. සුබසිංහ
හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා: කෝප්‍රල් එල්.ජී.එම්. මියුරංග