ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ සාර්ථකව අවසන්

10th May 2024

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවය කලත්තෑව, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 03 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

මෙම තරඟාවලිය 2024 මැයි මස 02 සහ 03 දෙදින තුළ, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සරඹ තරඟාවලියේ ශූරතාවය 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය දිනාගත් අතර ප්‍රථම අනුශූරතාවය 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායටත්, දෙවන අනුශූරතාවය 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායටත් හිමිවිය.

පියවර කෝදු තරඟයේ ශූරතාවය 7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය දිනාගත් අතර අනුශූරතාවය 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායටත්, තෙවන ස්ථානය 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායටත් හිමිවිය.

තරඟාවලියේ හොඳම අණදෙන නිලධාරියාට හිමි සම්මානය 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් ඩී.ඒ. නිලන්ඳුවගේ විසින් දිනාගත් අතර හොඳම සරඹ උපදේශකට හිමි සම්මානය 7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බළලත් නිලධාරී II ඩී.පී. දිසානායක විසින් දිනාගන්නා ලදී.