මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම සබැදි දේශණයක්

18th September 2024

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ජේ.ඒ.එස්.පී. ජයසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 14 දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි හිදී ‘‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම’’ යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.