24 පාබල සේනාංකයේ භටපිරිස් සඳහා පිටත ජල යන්ත්‍ර පිලිබඳ පුහුණු සැසියක් පවත්වයි
15th November 2024
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් මස 12 දින ඔළුවිල් වරාය පරිශ්‍රයේදී පිටත ජල යන්ත්‍ර පිලිබඳ එක්දින විශේෂිත පුහුණු සැසියක් පවත්වන ලදී.
මෙම පුහුණු සැසියේදී ඉදිරි මෝසම් කාලය තුලදී සිදුවිය හැකි ආපදා සඳහා මුහුණ දීමට සූදානම් කර ඇති 24 පාබල සේනාංකයේ සෙවීමේ සහ මුදවා ගැනීමේ කණ්ඩායම්වල හැකියාවන් සහ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු සැසිය පවත්වන ලදී.
මෙම එක්දින පුහුණු සැසිය මගින් පිටත ජල යන්ත්‍ර භාවිතා කිරීමේ ශිල්පීය ක්‍රම හා නඩත්තුව පිලිබඳ සවිස්තරාත්මකව න්‍යායාත්මක සහ ප්‍රායෝගික අවබෝධයක්ද ලබා දෙන ලදී.
වැඩමුළුව සඳහා නිලධාරීන් අට දෙනෙකු සහ සෙසු නිලයින් තිස් දෙදෙනෙකු සහභාගී වූහ.