පුහුණු දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර හිදී දේශනයක්
18th October 2024
බදාදා දින පුහුණු දිනය වෙනුවෙන් යුද්ධ හමුදා විනය පවත්වා ගැනීම පිළිබඳව දේශනයක් 2024 ඔක්තෝබර් මස 16 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා දේශන ශාලාවේදී පවත්වන ලදී.
පනාගොඩ යුද්ධ හමුදා විනයාරක්‍ෂක කණ්ඩායමේ නිලධාරී අණදෙන මේජර් පී.ටී.ජී.ජේ.අයි.ඒ.එන් මුණසිංහ එල්එස්සී විසින් එහිදී නිවාඩු නොමැතිව නොපැමිණීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, ළමා අපචාර, මාර්ගගත මුදල් ජාවාරම්, පුද්ගලික විනය සහ හමුදා විනය මනා ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම වැනි ප්‍රධාන කරුණු පිළිබඳව පුළුල් ලෙස දේශනයක් සිදු කරන ලදී.
මෙම දේශනය සඳහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 127 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ඔවුන්ගේ විනය සහ වෘත්තීයභාවය පිළිබඳ කරුණු ද අවධාරණය කරනු ලැබීය.