මූලික පිහිනුම් සහ ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 22 සාර්ථකව අවසන්

16th December 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු ගේ මඟපෙන්වීම මත අනුරාධපුර ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි පිහිනුම් තටාකයේ දී 2024 නොවැම්බර් මස 5 දින සිට දෙසැම්බර් මස 13 දින දක්වා මූලික පිහිනුම් පාඨමාලා අංක - 22 පැවැත්විණි.

පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යුඑස්පී සහභාගී විය.

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ සහයෝගය මත ජාත්‍යන්තර ජීවිතාරක්‍ෂක සහතිකය (ILS), හෘද පුනර්ජීවය පුහුණුව (CPR) හා ජල ආරක්‍ෂක පුහුණුව (Water Safety) ලබාගන්නා ලදී. 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබළ ජේ.ඒ.එම්. ලක්‍ෂාන් පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සම්මානය හිමිකරගනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.