කෙරවලපිටිය, තෙල් ගබඩා පර්යන්තයේදී හදිසි ගිනි නිවීමේ පෙරහුරු අභ්‍යාසයක්
16th December 2024
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 13 දින කෙරවලපිටිය, සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේදී (CPSTL) හදිසි ගිනිනිවීමේ පෙරහුරු අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී. 141 පාබල බලසේනාවේ භටපිරිස් සහ එම තෙල් ගබඩා පර්යන්තයේ සේවයේ නියුතු නිලධාරින් ඒකාබද්ධව මෙම පෙරහුරු අභ්‍යාසය සිදුකරනු ලැබූහ.
තෙල් ගබඩා පර්යන්තයෙහි හදිසි ගිනි ප්‍රතිචාර සඳහා වඩාත් කාර්යක්‍ෂමව හා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කරමින් අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය සහ ඒ සඳහා පෙර සූදානම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පෙරහුරු අභ්‍යාසය පැවැත්වීය.
මෙම පෙරහුරු අභ්‍යාසය සඳහා 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘සී’ බලඝණය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගිනිනිවීමේ ඒකකය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගම්පහ සහ කොළඹ ගිනි නිවන හමුදා ඒකකයන් සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයන් 90 දෙනෙකු සහභාගී වූහ.