ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පුහුණු දිනයට සමගාමීව දේශනයක්

13th December 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පුහුණු දින වැඩසටහනට සමගාමීව ‘ශ්‍රී ලංකාවේ භයානක මත්ද්‍රව්‍ය භාවිතයේ වත්මන් ගැටළු’ තේමාව ඔස්සේ 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 12 දින දේශනයක් පැවැත්විණි.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යාපන/තොරතුරු නිලධාරී අයි.එම්.සී.පී. කරුණාරත්න මහතා සහ උපදේශක මනෝ විද්‍යාඥ එස්. නිල්මිණි අබේසේකර මහත්මිය විසින් මෙම දේශනය පවත්වනු ලැබූහ.

මෙම දේශනය අතරතුරදී, මත්ද්‍රව්‍ය භාවිතයේ අවධානම අවම කිරීම, වැළැක්වීමේ උපායමාර්ග සහ මත්ද්‍රව්‍ය භාවිතයේ මානසික බලපෑම යන මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම වැඩසටහන සඳහා නිලධාරින් 08 දෙනෙක් සහ සෙසුනිලයන් 102 දෙනෙකු සහභාගී වූහ.