22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබඳව වැඩමුළුවක්

3rd November 2024

22 පාබල සේනාංකය වෙතින් 2024 ඔක්තෝම්බර් මස 28 සිට 30 දින දක්වා මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය. මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 131 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.

ගම්පොල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආපදාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය. ආපදා තත්ත්වයන් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඔවුන් සතු කුසලතා ශක්තිමත් කිරීම සඳහා එම යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ප්‍රායෝගික අභ්‍යාස සහ සාකච්ඡාවන් ද පැවැත්වීය.