3 (ස්වෙච්ඡා ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි
15th November 2024
3 (ස්වෙච්ඡා ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 නොවැම්බර් මස 12 දින පූනානි බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගි විය.
පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් පහත පරිදි වෙයි:
- දක්‍ෂතම වෙඩික්කරු: දෙවන ලුතිනන් එන්.ඩී.එස් නවෝදිකා
- හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලිය: කාන්තා සෙබල ජේ.එල්.වී මදුභාෂිනී
- හොඳම ඉදිරිපත් කිරීමේ කණ්ඩායම: බී කණ්ඩායම
- සෑම අතින්ම අතිශූර ශිෂ්‍යාව: ලුතිනන් එන්.ඩී.එස් නවෝදිකා
- දක්‍ෂතම කණ්ඩායම: බී කණ්ඩායම