ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙසක් කලාපය උත්කර්ශවත් අයුරින් සමරයි

10th May 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, විචිත්‍රවත් තොරණක් සහ විවිධ සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් ඉදිකරනු ලැබීය.

එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට පැවති මෙම වෙසක් කලාපය වෙසක් පුන් පොහෝ දින (05) විවෘත කෙරුණු අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූවේය. එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

එහිදී වෙසක් කලාප පරිශ්‍රයේ දී රොටි දන්සලක් ද විවෘත කෙරුණු අතර, වෙසක් කලාපය නැරඹීමට සහ දන්සැල වෙත 1500 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.