11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්
11th May 2023
අස්ගිරිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමිපාණන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ භටපිරිස් මාතලේ, මාතලපිටිය විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ‘ගෝල්ඩන් ක්‍රවුන්’ (Golden Crown) හෝටලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ චානුක විජයකෝන් මහතාගේ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන දියත් කරනු ලැබීය. එහිදී, ප්‍රතිලාභී සිසු සිසුවියන් 119 දෙනෙකු වෙත රුපියල් 8500.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සමඟින් චානුක විජයකෝන් මහතා සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පති ඇතුළු කාර්යය මණ්ඩලය සහ සිසු සිසුවියන් සහභාගි වූහ.