14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහනක්
3rd February 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු උණ රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මන්නාකන්දාල් ප්‍රාථමික විද්‍යාලය අවට පරිසරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (30) දින පවත්වනු ලැබීය.
මෙම සමාජ සත්කාරක වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, මේජර් ජෙනරල් දර්ශණ විජේසේකර, 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සහ 641 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කොලොන්න ගේ මඟපෙන්වීම යටතේ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එන්.එල් රාජනායක විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
ඩෙංගු මර්දන වැඩසටහන යුද්ධ හමුදා නිලධාරියෙකුගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.