ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් මූලිකත්වයෙන් ගාල්ල, දෙවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2nd February 2023

61 වන පාබල සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ශ්‍රමදායකත්වයෙන් බියර් කෑන් සහ පොලිතින් ආදී ඉවත ලන අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී පැවති ගාල්ල, දෙවට ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ජනවාරි 28 වන දින සිදුකරනු ලැබීය.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 40 දෙනෙකු සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, මේජර් ජෙ‍නරල් දීපාල් පුස්සැල්ල සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් විසින් ලබාදුන් උපදෙස් අනුව 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික ජයවීරගේ මගපෙන්වීම යටතේ ලුතිනන් කර්නල් පී.එච්.ඒ.අයි විජේරත්න විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.