3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
2nd February 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් දික්වැල්ල, වේහැල්ල ප්‍රදේශයේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසයේ පරිපාලන නිලධාරින්ගේ ඉල්ලීමකට අනුව එම වැඩිහිටි නිවාසයේ ගොඩනැගිලි හතරක තීන්ත ආලේප කර අවට පරිසරය පිරිසිදු කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට ශ්‍රම දායකත්වය ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ජනවාරි 23 සහ 28 යන දින දක්වා කාලය තුලදී සිදුකරනු ලැබිණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ලබාදුන් උපදෙස් අනුව 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ මගපෙන්වීම මත 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ සමීප අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.