3 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් පාසල් සිසුන් දෙදෙනෙකුට පාසල් උපකරණ පරිත්‍යාගයක්
13th March 2023
613 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් දෙදෙනෙකු වෙත පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 2023 මාර්තු මස 10 දින පරිත්‍යාග කරනු ලැබීය. හොරගොඩ නවෝද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන තෙලිජ්ජවිල, හොරගොඩ, ආඳාදොල ප්‍රදේශයේ වෙසෙන එම සිසුන් වෙනුවෙන් මාතර ලක්සිරි ටෙක්ස්ටයිල් පුද්ගලික සමාගම ලබාදුන් අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් ක්‍රියාත්මක කළ මෙම පරිත්‍යාග වැඩසටහනේදී රුපියල් 25,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය. 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සාමාජිකයන් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ දෙමාපියන් ඉදිරියේදී මෙම පරිත්‍යාගයන් ඔවුන් වෙත පිරිනමන ලදී.