111 වන පාබල බලසේනාවේ භටපිරිස් වේළුවන ආරණ්‍ය සේනාසනයේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරයි
29th March 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයට අයත් 111 වන පාබල බලසේනා බලප්‍රදේයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අම්පිටිය, වේළුවන ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි එම විහාරස්ථාන පරිශ්‍රයේ උණ පැළ 100 ක් සිටුවීමේ ව්‍යාපෘතියකට ඉකුත් සදුදා (27) දින සිය දායකත්වය ලබාදුන්හ.
5 වන (සවේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් 25 දෙනෙකු නේවාසික භික්‍ෂුන් වහන්සේලා සමඟ සාකච්ඡා කර උන්වහන්සේලාට අවශ්‍ය පරිදි එම පැළ රෝපණය කරන ලදී.
මහනුවර, කටුගස්තොට ධර්මපාල විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන යාමේ ව්‍යාපෘතියක් සාර්ථක කරගැනීම සඳහා ද ඉකුත් සිකුරාදා (24) දින 11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දායකත්වය ලබාදෙන ලදී.