52 වන සේනාංක භටපිරිස් උතුරු එළුතුමඩුවාල් ශ්‍රී ඝානදුර්ගා අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

6th April 2023

52 වන පාබල සේනාංකයේ භටපිරිස් වෙත උතුරු එළුතුමඩුවාල් ශ්‍රී ඝානදුර්ගා අම්මාන් කෝවිලේ හින්දු පූජකතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අප්‍රේල් මස මුලදී පැවැත්වීමට නියමිත පූජා උත්සවයන්ට පෙර එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (4) දින පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ උපදෙස් මත 52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දුගේ අධීක්‍ෂණය යටතේ කෝවිල් භාරකාර මණ්ඩලයේ උපදෙස් මත සාමය හා සංහිඳියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

පූජා උත්සවය සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වන බැවින් ඊට දින කීපයකට පෙර සිට 52 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් හින්දු බැතිමතුන් සමඟ සහයෝගයෙන් යුතුව කෝවිල් පරිශ්‍රයේ ඇති කසළ ඉවත් කර කෝවිලේ ඇතුලත පිරිසිදු කිරීම ආදී කටයුතු සිදුකරනු ලැබූහ.