යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කණ්ඩවාලෙයි ප්‍රදේශයේ පාසල් සිසුන් 130 දෙනෙකුට පාසල් උපකරණ පරිත්‍යාගයක්
6th April 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ 572 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කිලිනොච්චිය, කණ්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් හතක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 130 දෙනෙකු වෙත පාසල් උපකරණ ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2023 මාර්තු මස 30 වන දින පවත්වන ලදී.
57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් විසින් දකුණු ප්‍රදේශයේ පදිංචි ජීවන්ත ප්‍රනාන්දු සහ ටෙරන්ස් ප්‍රනාන්දු යන දානපතියන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.
පිරමන්තනාරු පාසල් පරිශ්‍රයේ පැවති මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සහභාගි විය.
උත්සව අවස්ථාවට 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම පාසල්වල විදුහල්පතිවරුන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.