අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ භාවිතයෙන් ඉවත්කර තිබූ රෝද පුටු, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් අලුත්වැඩියා කරයි

19th April 2023

5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි එම රෝහලේ භාවිතයෙන් ඉවත්කර තිබූ රෝද පුටු 35ක් අලුත්වැඩියා කර ඉකුත් ඉරිදා (අප්‍රේල් 16) දින එම රෝහලේ කාර්ය මණ්ඩලය වෙත භාරදෙනු ලැබීය.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී. ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් පරිදි භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

රෝහල තුළ භාවිතයෙන් ඉවත්කර තිබු එම රෝද පුටු දින කිහිපයක් ඇතුළත 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් අලුත් වැඩියාකර නැවත එම රෝහල වෙත භාර දෙන ලදී. එම අවස්ථාව සඳහා 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරීන් සහ නිලධාරින් මෙන්ම සෙසුනිලයින් පිරිසක් සභාගී වූහ.