ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

18th April 2023

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය ඉකුත් අඟහරුවාදා (11) දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදි සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සම්ප්‍රදායිකව අවුරුදු තරඟ ඉසව් පැවැත්වූ අතර, එයට කඹ ඇදීම, “අවුරුදු කුමරිය තේරීම”, අලියාට ඇස තැබීම, බනිස් කෑම සහ තවත් ජන ක්‍රීඩා රැසක් එක්විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ ශ්‍රී ලංකා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණිය සහභාගී වූ අතර ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමටද එක්විය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපතිගේ උපදෙස් පරිදි එම රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රී ලංකා කාන්තා බලකාය සංවිධානය කරන ලද අතර එම අවස්ථාවට නිලධාරිනියන්, සෙබලියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක්ද සහභාගී විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ ශ්‍රී ලංකා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණිය සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 ශ්‍රී ලංකා කාන්තා බලකායේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් සඳහා විශේෂ වියළි සලාක පාර්සල් සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.