6 සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අලුත් අවුරුදු දිනයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහනක් දියත්කරයි

18th April 2023

682 පාබල බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වල දායකත්වයෙන් මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5 කට සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වියළි සලාක පාර්සල් සහ රසකැවිලි පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින පවත්වන ලදී.

682 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ උපදෙස් මත ඔවුන්ගේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් භටපිරිස් විසින් ස්වකීය මුදල් එකතු කර මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

භටපිරිස් විසින් ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් එක් පවුලක් සඳහා රුපියල් 5000/=.ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබූහ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් 681 පාබල බලසේනාවේ සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් පුදුක්කුඩිඉරිප්පු ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 10 ක් වෙත ඔවුන්ගේ නිවාස වෙත ගොස් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය 6 වන සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන් විසින් සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය කරන ලදී.

මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ බලසේනාධිපතිවරුන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදුන්හ.