14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

7th December 2024

14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 දෙසැම්බර් මස 05 දින ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය පවත්වන ලදී.

මෙම පාඨමාලාවට නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 378 දෙනෙකු සහභාගී විය. එහිදී පාඨමාලාවේ පහත සඳහන් ජයග්‍රහණ හිමිකරගන්නා ලදී.

- හොඳම වෙඩික්කරු: ලාන්ස් කෝප්‍රල් ඒ.පී.එස්.පී. ගුණතිලකය

- පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා: කෝප්‍රල් ඩබ්ලිව්. එස්.වසන්ත

- හොඳම කණ්ඩායම: 'ඒ' කණ්ඩායම

- හොඳම පෙළ අණදෙන්නා: කෝප්‍රල් එස්.ඩබ්ලිව්. රත්නායක

- හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා : පාබල සෙබල එච්.එම්.ආර්.ටී. මධුශංඛ