‘2024 ප්‍රධාන කාන්තා ආරාධිත එක්දින ක්‍රිකට් තරඟාවලිය’ හි අනුශූරතාවය යුද්ධ හමුදාවට
4th December 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් පවත්වනු ලබන ‘2024 ප්‍රධාන කාන්තා ආරාධිත එක්දින ක්‍රිකට් තරඟාවලිය’ 2024 නොවැම්බර් මස 24 දින කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්විණි.
කණ්ඩායම් 15 ක සහභාගීත්වයෙන් පැවති තරඟාවලියේ, අවසන් පූර්ව තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක් ලබාගනිමින් යුද්ධ හමුදා කණ්ඩායම අනුශූරතාවය දිනාගනු ලැබීය. අවසන් මහා තරඟයේදී, හලාවත එම්සීසී කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 205 ක් රැස්කළ අතර, සියල්ලන් දැවී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 115 ක් රැස්කරගනු ලැබීය.
ලකුණු 393 ක් රැස්කර කඩුලු 2ක් දවාගනිමින් තරඟාවලියේ වීරයාට හිමි සම්මානය මාණ්ඩලික සැරයන් එන්.එන්.ඩී. සිල්වා විසින් දිනාගන්නා ලදී.