24 පාබල සේනාංකයේ 11 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

7th December 2024

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 11 වන සංවත්සරය දිනය සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස 26 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.

සංවත්සර සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, බෝධි පුජාමය වැඩසටහනක් පවත්වා මහා සංඝරත්නය වෙත දානය පූජා කරනු ලැබීය. පසුව, මල්වතු විලවාඩි විනයාගර් කෝවිලේදී පූජාවක් සහ අම්පාර ශාන්ත ඉග්නේෂස් දේවස්ථානයේදී දේව මෙහෙයක් ද පැවැත්විණි.

එමෙන්ම, 2024 නොවැම්බර් මස 12 දින එම සේනාංක මූලස්ථානයේදී අන්තර් ශාඛා ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුණු අතර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 2024 නොවැම්බර් මස 20 දින අම්පාර වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දානමය පිංකමක් ද පැවැත්වීය.

සංවත්සර සැමරුම් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.