68 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරයක

2nd April 2023

68 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පසුගිය සඳුදා (මාර්තු මස 13) දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.ජී.ඩබ්ලිව්.එම්.එස්.පී විජේකෝන්ගේ ආරාධනයකට අනුව එම ඒකකයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එම ඒකක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

සංචාරයේ නිරත 68 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් එම ඒකකයේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් විසින් භටපිරිස් ඇමතුවේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.