රිදියගම සහ ඉරණමඩු යුද්ධ හමුදා ගොවිපළවල්හි අස්වැන්න නෙලයි

4th April 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය යටතේ පාලනය වන රිදියගම සහ ඉරණමඩු ගොවිපලේ අක්කර 20 කට වැඩි භූමි ප්‍රමාණයක් තුළ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ සහ අනෙකුත් කාලීන භෝගයන්හි අස්වැන්න නෙලීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාවේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගිය දා හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත කමිටුව පිහිටුවන ලදී.

යුද්ධ හමුදා ගොවිපළවල් තුළින් නෙළාගන්නා අස්වැන්න යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනය සඳහා සපයනු ලබන අතර එහි අතිරික්තය සිවිල් වැසියන් වෙත සහන මිලට අලෙවි කරනු ලැබේ.