මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් හමුවෙයි
9th April 2023
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බ්‍රහස්පතින්දා (06) දින යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සිවකොලුදු ශ්‍රීසත්කුණරාජා මහතා හමුවිය.
සුහද හමුවේදී දෙපාර්ශවයටම වැදගත් වූ පොදු කරුණු කීපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
මෙම අවස්ථාවට 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් බුද්ධික ජයතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.