අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
20th December 2023
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35කට අධික කාලයක් රාජකාරි කළ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි.
එතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යුද්ධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ශෝකයට පත් පිරිස‍් පැමිණ සිටියහ.
මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාතු ගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව භටපිරිස් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.
යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.
හිරු නැඟෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.
අවමංගල්‍ය උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.
1 කොටස නියෝගය පහත පරිදි වෙයි