ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ නව ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ විවෘත කරයි
14th March 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ (Drill Nursery) (මාර්තු මස 01) දින භටපිරිස් සදහා විවෘත කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ප්‍රථම බලකාධිපති බ්‍රිගේඩියර් ජී.වී. ඇලපාත (විශ්‍රාමික) වීඑස්වී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගි විය.
බිත්ති දර්පණ කිහිපයකින් සමන්විත වන මෙම ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ තුලින් භටපිරිස් වෙත සිය සරඹ කුසලතා ස්වයංව වර්ධනය කරගත හැකි වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ