22 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක්
14th January 2024
22 පාබල සේනාංකයේ භටපිරිස් ගම්වාසීන් සමඟ එක්ව ත්‍රිකුණාමලය හනුමාන් කෝවිලේ වාර්ෂික පූජාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා හනුමාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ආරාධනයකට අනුව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.