551 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්
11th October 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 551 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් ටී.බී.එම්.ආර්. කන්දකුඹුර ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 551 පාබල බලසේනාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 08 දින කිලිනොච්චිය නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහන යටතේ කිලිනොච්චිය රෝහලේ සිට කරඩිපොක්කු හන්දිය දක්වා ඒ9 මාර්ගය සහ කනගපුරම් මාර්ගය දෙපස පිරිසිදු කෙරිණි. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රජයේ බලධාරීන් සහ MAS ඇඟලුම් කර්මාන්තායතනයේ සේවකයින් පිරිසක් සිය දායකත්වය දැක්වූහ.