11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

10th October 2024

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 09 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සුහද සංචාරයක නිරතවෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු එස්.බී.එස්. අබේකෝන් මහතා හමුවිය.

මෙම සුහඳ හමුවේදී, කලාපය තුළ යුද්ධ හමුදාව වෙතින් සිදුකරන ලද සුවිශේෂී වැඩසටහන් ඇතුළු විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.