ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපතිට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය
10th October 2024
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 ඔක්තෝම්බර් මස 3 දින පැවැත්විණි.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එතුමන් සිය කාර්යාලයේදී ධුරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
එදින සන්ද්‍යාවේදී, ධූරයෙන් නික්ම යන බලකාධිපතිතුමන් සහ වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මියට උපහාර පුදකරමින් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහිදී නව බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී විසින් ධුරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ කැපවීම ඇගයීමට ලක්කරමින් සමරු ඵලකයක් පිරිනමනු ලැබීය.