ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් අධ්‍යාපනික දේශනයක් පවත්වයි

29th December 2024

ආරක්‍ෂක සේනා ආඥාපති -වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත, ‘බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු පුනරුත්ථාපනය කිරීම සහ නැවත සමාජගත කිරීම’ යන මැයෙන් අධ්‍යාපනික දේශනයක් 2024 දෙසැම්බර් මස 24 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අනුරාධපුර බන්ධනාගාර ප්‍රධානී, සහකාර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා විසින් මෙම දේශනය සිදුකරන ලදී.

මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.