55 පාබල සේනාංකය මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වයි

27th December 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 26 දින කිලිනොච්චියේ පිහිටි නෙළුම් පියස රඟහලේදී වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනයේ රදගුරු ගරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් රදගුරුතුමන් සහභාගී වූ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වෙතනායහන් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එම ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයන් හි ගායනා කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද කැරොල් ගීත, විචිත්‍රවත් නර්ථන යන් සහ සජීවී සංගීතයන් මෙයට ඇතුළත් විය.

මෙහිදී, දානපතියන් විසින් ලබාදෙනු ලැබූ අනුග්‍රහයක දායකත්වය මත දරුදැරියන් වෙත තෑගි, රසකැවිලි සහ සෙල්ලම් බඩු ලබාදීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාවට පූජක පක්‍ෂය, යුද්ධ හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් ද එක් වූහ.