ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරී අරඹයි

25th December 2024

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 11 වන බලකාධිපති ලෙස භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී, 2024 දෙසැම්බර් මස 10 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගත්තේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව බලකාධිපතිතුමන්ව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පසුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

ඉන්පසුව, එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ ආගමික ආශිර්වාද මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.