මුල් පුවත්
රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ තවත් අදියරක්

රණවිරුවන් සහ රණක්ෂිතයට පත් විරු පවුල්වල සාමාජිකයන් වෙත, රජයේ සහ පෞද්ගලික අංශයන් හි වෙළඳ නිෂ්පාදන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් සඳහා ප්‍රතිලාභ සහ වට්ටම් හිමිවන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ තවත් අදියරක් සිකුරාදා (09) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.
දුම්රිය අනතුර වළකාගත් හිටපු යුද හමුදා සෙබලා හට විශේෂ ඇගයුම් සහ මුල්‍යමය ත්‍යාග

විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල් එස්.ඩබ්ලිව් කරුණාදාස (44) ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ‘යාල් දේවී’ දුම්රියෙහි සිදුවෙන්නට ගිය හදිසි අනතුර වළක්වා දෙදහසක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අනතුරෙන් වළක්වා ගැනීමට යුහුසුළුව ක්‍රියා කිරීම ඇගයීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහු හට සඳුදා (8) දින යුද හමුදා මූලස්ථාන නිල කාර්යාලය වෙත ආරාධනා කරනු ලැබීය.
‘සටන් කිරීමට හා සතුරන් පැරදවීමට වඩා වැඩි යමක් යුද හමුදාවට ඇති බව’ යුද හමුදාපති පවසයි

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (07) උදෑසන ‘ භූමිය හමුදාවන්ගේ විකාශනය හා ඉදිරි අභියෝග’ යන තේමාව යටතේ සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති වාර්ෂික සමුළුව අමතන ලදි.
ඇෆ්ගනිස්ථාන නියෝජිතයා යුද හමුදාපති හමුවේ

කොළඹ පිහිටි ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ අතිගරු මුහමඩ් මුනිර් ගිසි අද (06) පස්වරුවේ යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
භට පිරිස් විසින් අයහපත් කාලගුණයෙන් අඩාල වූ කිළිනොච්චි සිවිල් වැසියන්ගේ ගමනාගමනය යථාතත්වය පත් කරයි

කරදිපොක්කු - උරුතිරාපුරම් මාර්ගයේ ගමනාගනය සඳහා ඇති පාලම නැවත යථාතත්වයට පත් කර දෙන මෙන් එම ප්‍රදේශයේ විපතට පත් වැසියන්කරන ලද ඉල්ලීමකට අනුව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 662 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
‘ගුවන් සමුළුව 2016’ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස යුද හමුදාපති සහභාගි වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගුවන් සමුළුව බ්‍රහස්පතින්දා (01) දින දෙහිවල, අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ හා උත්සව ශාලාවේ දී ආරම්භ විය.
ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රණවිරුවන්ගේ ළමුන් සඳහා පරිත්‍යාග

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ඒකකය විසින් එම රෙජිමේන්තුවෙහි දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරු පවුල්වල පාසල් දුවා දරුවන් සඳහා පාසල් පොත් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් මූල්‍යාධාර සහිත පාස් පොත් බෙදාදීමේ උත්සවය අඟහරුවාදා (29) දින..........
ඉන්දියන් නාවික හමුදා ප්‍රධානී යුද හමුදාපතිතුමා හමුවේ

කොළඹ පැවති ගාලු කතිකාව සඳහා සහභාගි වූ ඉන්දියන් නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුනිල් ලැන්බා අද (29) දින පෙරවරුවෙහි යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
‘ගාලු කතිකාව’ හි දී එක්සත් ජනපද නාවික හමුදා ආසියා ශාන්තිකර ප්‍රධානි යුද හමුදාපති හමුවේ

නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ගාලු කතිකාව 2016’ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.......
පේටන් බලපත්‍ර ලබාගැනීමට සුදුදු මට්ටමෙහි පර්යේෂණ සහ නව නිර්මාණ රැසක්

ශ්‍රී ලංකා යුද හමුදාව නුදුරේදී පිහිටුවනු ලැබු පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාව මගින් නව නිපැයුම් සහ නිර්මාණ මගින් යුද හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා ඔප්නැංවීම සදහා නව ව්‍යාපෘතියක් ආරම්භ කල අතර, 2016 වර්ෂය තුල නව නිපැයුම් 266 ක් අතරින් 32 ක් සදහා පේටන් බලපත්‍රය ලබාගැනීම සදහා සුදුසු මට්ටමේ නව නිර්මාණ ලෙස හදුනාගෙන ඇත.