ඇෆ්ගනිස්ථාන නියෝජිතයා යුද හමුදාපති හමුවේ
7th December 2016
කොළඹ පිහිටි ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ අතිගරු මුහමඩ් මුනිර් ගිසි අද (06) පස්වරුවේ යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
එහිදි යුද හමුදාපති සහ අතිගරු මුහමඩ් මුනිර් ගිසි, කලාපයේ සංවර්ධන කටයුතු, ද්වීපාර්ශවික සබඳතාවයන් සහ ඒවායේ වැදගත්කම පිළිබඳව සුහඳ කතාබහාක නිරත විය.
මෙම සුහඳ හමුව අවසානයේ ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.
|