මුල් පුවත්
සරඹ හා තූර්යවාදන තරඟාවලියේ ශුරතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

යුද හමුදා සාමාජිකයින් තුල විනය ඉතා උසස් මට්ටමකින් පවතින බව පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් වර්ණවත්, දැකුම්කලු අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ හා තූර්ය වාදක තරඟාවලියේ අවසන් අදියර බදාදා (23) දින සවස පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සරඹ භූමියේ දී පැවැත්විය.
නව ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදාපති හමු වේ

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති බදාදා (23) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින් වෙත නවීන උපාංග

පැරා මලල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය මෙන්ම විදේශීය තරඟවලදී සිය දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් වෙත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අඟහරුවාදා (22) දින යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින්.....
තවත් විශේෂ බලකා නිලධාරින් සහ සෙසුනිළයින් 229 ක් මාදුරුඔය දී විසිර යති

නිලධාරින් 09 දෙනෙකු සහ සෙසුනිළයින් 220 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති පුහුණුව සාර්ථකව අවසන් කොට සෙනසුරාදා (19) දින යුද්ධ හමුදාපතිතුමාගේ ආරාධනයෙන් එහි පැමිණි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.
ෆිජි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ

ෆිජි සමුහාණ්ඩුවෙහි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් බදාදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
අභිත රණවිරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ අභීත රණවිරුවන් සිහිකිරීමේ පොපි දිනය, කොළඹ 07 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අයභිසදී ඉරිදා (13) පෙරවරුවෙහි පවත්වනු ලැබීය.
‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - 2016’ නිමාවට පත්වේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සිව්වන වතාවටත් පවත්වනු ලැබූ මිත්‍ර ශක්ති - 2016 ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි සමාප්ති උත්සවය ඉරිදා (6) පස්වරුවෙහි අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව වෙත හමුදා ගෞරව

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් පද්ම ශ්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ අවසන් කටයුතු අද සන්ද්‍යාවේ (05) පුර්ණ රාජ්‍ය හා හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍රයේ දී සිදු කරන ලදි. අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බ්‍රහස්පතින්දා (03) දින මිය යන විට 88 වන වියේ පසුවිය.
යුද හමුදා අභීත විරුවන් හට වීර පදක්කම් ප්‍රදානය කෙරේ

2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර දේශය වෙනුවෙන් අභිතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් හට රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම් (රණ ශූර පදක්කම) ප්‍රදානය කිරීමේ උත්සවය අද (3) පස්වරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස......
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානොත්සවය බදාදා (02) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.